මුද්‍රණය

ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. බලපත්‍ර ලබාදීම
  2. ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
  3. බලපත්‍ර අලුත් කිරීම
  4. ආදායම් එකතු කිරීම

සමාජ සේවා අංශය

දැක්ම

සමාජය තුල වෙසෙන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු නමුත් සමාජයේ අඩුවෙන්ම අවධානයට ලක්වන සමාජයීය කණ්ඩායම් සඳහා අවශ්‍ය සහනාධාර ලබාදිම හා එම කණ්ඩායම් පුනරුත්තාපනය කිරීම

ප්‍රධාන කාර්යයන්
  1. ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
  2. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
  3. වියළි සලාක ලබා දීම

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. Updating PMCS
  4. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම

ගිණුම් අංශය

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. Conducting Board of surveys
  4. විගණන විමසුම් මෙහෙයවීම
  5. මුල්‍ය  ප්‍රකාශන සැකසීම


රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

ඉඩම් අංශය

දැක්ම

ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයට අදාල ඉඩම් ගැටළු නිරාකරණය කිරීම හා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කරදීම

ප්‍රධාන කාර්යයන්
  1. ඉඩම් අත්පත් කරගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම හා ඉල්ලුම්කාර ආයතනයට ඉඩම් අයිතිය පවරා දීම
  2. ඉඩම් ගැටළු නිරාකරණය කිරීම
  3. ඉඩමක පසු අයිතිය පැවරීම, මුල් අයිතිය ලබාදීම, ඉඩමට අදාල නොතාරිස් පැවරීම, ආරවුල් විසඳීම