මුද්‍රණය

ආපදා කළමනාකරණයේ අපගේ දැක්ම

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළට බලපානු ලබන ආපදාවල දි ඊට ගොදුරුවන්නන් අවමකර ගැනිම හා ආපදා අවදානමට ලක්වන ප්‍රජාව ඉන්මුදවා ගෙන දිවයිනේ ආපදාවලින් සිදුවන හානිය අඩුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය බවට පත්කිරිම.

ආපදා කළමනාකරණයේ අපගේ මෙහෙවර

දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට බලපානු  ස්වාභාවික ආපදා හා මිනිසා විසින්  ඇතිකරනු ලබන ආපදා හදුනාගෙන  ඒ වෙනුවෙන්  එම ආපදා වැලැක්විම  අවම කිරිම ඊට පෙර සුදානම් විම ප්‍රතිචාර දැක්විම හා නැවත යථා තත්වයට පත්කිරිම යන මුලික කරුණු ඔස්සේ ක්‍රියාත්මක වෙමින් එය බලපානු ලබන ප්‍රජාව  ඉන් මුදවා සිදුවන හානිය අවමකර ඉතා කාර්යක්ෂමව ඔවුන්ට සාධාරණත්වයක් ඉටුකර තිරසාර සංවර්ධනයක් කරා ලංකාව ගෙන යාමට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය උපරිම දායකත්වයක් ලබා දිම.

ව්‍යසන කළමනාකරණ සංකල්ප

උපද්‍රව:

ජිවත හානිකරන තුවාල සිදුකරන දේපල ජිවනෝපාය සේවා හා පරිසරයට හානි පමුනුවන ඔනැම ස්වාභාවික හෝ මිනිසා විසින් ඇතිකළ හෝ ඒ දෙකෙහිම එකතුවෙන් ඇතිවන සිද්ධින් මිට අයත් වේ.

ව්‍යවසන:

සමාජයේ කාර්යන්වලට විශාල බලපැමක් කිරිමට සමත්වන  වඩාත් පුළුල්ව පැතිරුන ද්‍රව්‍යමය හා පාරිසරික හානි සිදුකරමින්  ඇතිවන ව්‍යසනයන්ට ගොදුරුවන පුද්ගලයන්ගේ ශක්තින් හා සම්පත් භාවිතයෙන් සමනය කිරිමට නොහැකි  හානි ව්‍යසන ලෙස හැදින්විය හැකිය.

හදිසි අවස්ථාව:

වහාම ප්‍රතිචාර අවශ්‍යවන මානව ජිවිතයට බරපතල තර්ජනයක් ඇතිකරන හදිසි අති විශේෂ තත්වයකි  එය උපද්‍රවයක ප්‍රතිඵලයක්ද විය හැකිය.

ව්‍යසන අවදානම:

ව්‍යසනයකින් යම් අලාභයක් පාඩුවක් සිදුවිය හැකි ශක්තින්ගෙන් හින ගොදුරුවිමේ අවදානම  වැඩි ජනතාවකට ඇතිවිය හැකි ඍණාත්මක බලපැමය.

ගොදුරුවිමේ හැකියාව:

යම් උවදුරක බලපැම අවම කිරිමට අඩු කිරිමට හෝ එම උපද්‍රවය සදහා සුදානම්විමට ජනතාවට ඇති යම් ආර්ථික, සමාජිය, භෞතික හෝ භුගෝලීය මුලයන්ගෙන් යුත් සාධක හෝ බාධක මෙයින් අදහස් වේ.

ධාරිතාවයන් :

ව්‍යසනයක්  අවම කිරිමට ඊට සුදානමී වීමට හා ව්‍යසනයෙන් පසුව පෙර පැවති සාමාන්‍ය තත්වයට පැමිණීමට නිවස තුළ හා ප්‍රඡාව තුළ ඇති සමිපත් හැකියාවන් යෙදවුමි හා ශක්තීන්.

ව්‍යසනය සදහා පෙර සුදානම:

ව්‍යසන පිළිබද පෙර දැනුමි දීමට හෝ අනතුරු ඇගවීමෙන් ඒවායේ තර්ඡනය ඇතිවීමට අවශ‍්‍ය පියවර ගැනිමටත් යෝග්‍ය ප්‍රතිචාර පිළියෙල කිරිමටත් ව්‍යසන ඇතිවිට පළමුව ගනු ලබන විශේෂිත මිනුමී මීට අයත්ය.

අවම කිරිම:

ව්‍යසනයන් හෝ විභව ව්‍යසනයන්ගෙන් සිදුවන බලපැම අවම කිරිම සදහා ගනු ලබන ඔනැම ක්‍රියාවකි . ව්‍යසනයකට කලින් එය සිදුවන විටත් සිදුවු පසුවත් එය අවමකිරිම් කළ හැකිය මෙය විශේෂයෙන්ම භාවිතාකරන්නේ ව්‍යසනවලට එරෙහිව දිගුකාලිනව ගන්නා ක්‍රියාමර්ගයන් සදහාය.

හදිසි අවස්ථා ප්‍රතිචාර සහ සහනසේවා : (Emergancy Response And Relief )

​බලපැමට ලක්වු පුද්ගලයින්ට සහය විම පිණිස ආපදාවකින් පසු සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය සේවා සහ ක්‍රියාකාරකම් මෙයට ඇතුළත් වේ. උදා: දිවිගලවාගත් ප්‍රද්ගලයින් සෙවිම සහ බේරාගැනිම ආහාර හා අහාර නොවන සහන ලබාදිම හදිසි සෞඛ්‍ය පහසුකම් මනෝසමාජිය මැදිහත්විම් හා යටිතල පහසුකම් සැපයිම.

ආපදා කළමනාකරණ සහන සේවා ලබාගන්නා ආකාරය:

දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 41 පවතින අතර කුමන හෝ ග්‍රාම නිලධාරී වසමකට යම් කිසි ආපදා තත්වයකින් බලපෑමක් සිදුවූයේ නම් එම බලපෑම සිදූවූ පුද්ගලයා විසින් නොපමාව සිදුවූ ආපදා තත්වය හා සිදුවූ හානිය පිළිබඳ අදාළ ග්‍රාම නිලධාරී දැනුවත් කිරීම පළමුව සිදුකළ යුතුය.

ඉන් පසුව සිදුවන්නේ එම ආපදා තත්වය පිලීබඳව ග්‍රාම නිලධාරී  විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින සමාජ සේවා නිලධාරී දැනුවත් කිරීමයි. ඉන් පසුව සමාජ සේවා නිලධාරී හා ග්‍රාම නිලධාරී විසින් අදාළ ස්ථානය පරීක්ෂා කර සිදුවූ හානිය ගණනය කිරීමෙන් අනතුරුව ජා.ආ.ස.සේ.මා. 1 අයදුම් පත්‍රය සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව සමාජ සේවා නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ලැබීමෙන් අනතුරුව අදාළ සහන සේවා ලබා දීමට කටයුතු කරයි.

විස්තිර්ණ  ආපදා ගෙවීම්

අරමුණ :-

ස්වාභාවික සිද්ධියක් නිසා පුළුල් ප්‍රදේශයක ජන සමාජයේ හෝ ආර්ථිකයේ සිදුවන බිදවැටිම් තුළින් ජිවිත හා පෞද්ගලික දේපළවලට සිදුවන හානි හා තර්ජන නිසා ජනයාට සිදුවන අපහසුතාවන් සදහා සහන සැලසිම.

අවශ්‍ය සුදුසුකම් - අදාළත්වය

2007.10.01 දිනැති ජාතික ආපදා සහනසේවා  මණ්ඩල 2007/10 දරණ චක්‍රලේඛනයෙන් විග්‍රහකර  ඇති  ආපදාවන්වලදි සාමාන්‍ය ජන ජීවිත අඩාලවීමට හෝ එම තත්වයන්ට අදාළව සිදුවන අවදානම් තත්වයන්ට මුහුණ දුන් පුද්ගලයකු / පුද්ගලයන් විම.

පවුලේ මාසික ආදායම රු 3.000/= ට වඩා අඩුවිම.

වැඩ පියවර

01. ආපදාව වාර්තා කිරීම

02. ආපදාවේ ස්වභාවය හදුනාගැනිම(ස්ථාන පරික්ෂණ, නිරික්ෂණ අධ්‍යන මගින්)

03. ග්‍රාම නිලධාරි මගින් වාර්තාවක් ලබාගැනිම හා අවශ්‍යතා තක්සේරු කිරිම

04. සමාජසේවා නිලධාරි නිර්දේශය ලබාදිම

05. ප්‍රාදේශිය ලේකම් / සහකාර ප්‍රාදේශිය ලේකම් අනුමත කිරිම

06. ප්‍රතිපාදන ලබා ගැනිම

07.  සහනාධාර ලබාදිම / ගෙවිම

08. අදාළ ලිපි ලේඛන ගොනු කිරිම

ආපදා කළමනාකරණයේ අපගේ වගකිම

01.පුර්ව අනතුරු ඇගවිමේ පණිවුඩ ප්‍රජාව තුළ බෙදාහැරිම

02. ආපදා කළමනාකරණ කමිටු පිහිටුවිම

03 .ආපදා පෙරසුදානම් සදහා දැනුවත් කිරිම

04 .ආපදා අවම කිරිම් හා අවදානම් අවම කිරිමේ කටයුතු සිදුකිරිම

05 .ආපදාවලට ලක්වු ප්‍රජාවට අවශ්‍ය සහනාධාර ලබාදිම

06 .අදාළ පාර්ෂව සමග සම්බන්ධිකරණ

07. ප්‍රතිචාර කණ්ඩායම් සකස්කිරිම හා පුහුණුවිම් ලබාදිම

08. ප්‍රජාව තුළ සනිපාරක්ෂාව හා සොඛ්‍ය තත්වය නගා සිටුවිම

ආපදා කළමනාකරණයේ ප්‍රාදේශිය පාර්ෂව කරුවන්

01 .ප්‍රාදේශිය ලේකම්

02 .සමාජසේවා නිලධාරි

03 .ආගමික නායකයින්

04 .පොලිසිය

05.ප්‍රාදේශිය සහාව

06 .සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්

07 .පාසල්වල විදුහල්පතිවරුන්

08 .වාරි මාර්ග ඉංජිනේරු

09. ග්‍රාම නිලධාරි

  1. ආපදාවන්ට ලක්වන පුද්ගලයන්ට එළඹෙන පළමු ආහාර වේලේ සිටම පිසූ ආහාර ලබා දිම.
  2. විපතට පත්වූවන්ගේ සෞඛ්‍ය තත්වය නගාසිටුවීම.
  3. ආපදාව සිදුවී දින තුනක් ප්‍රාදේශීය ලේකම් විසින්ද ඉදිරියට දින හතරක් දිස්ත්‍රික් ලේකම් විසින්ද පිසින ලද ආහාර ලබාදිය යුතුය.
  4. ආපදාවලට ගොදුරුවී ආරක්ෂිත මධ්‍යස්ථානවලට නොපැමිණ වෙනත් හිතවතුන්ගේ නිවසේ රැදී සිටිනම් ඔවුන් සඳහා වියළි සලාක ලබාදීම.
  5. ගං වතුර ආපදා තත්වය පහව යාමෙන් පසුව ඒ ඒ පවුල් සඳහා ආහාර සපයා ගැනිමට හැකියාව එළඹී වහාම ඔවුන් සඳහා වියළි සලාක ලබාදීම.
  6. ගං වතුර තත්වය පහව ගිය පසුව නිවාස නැවත ගොඩනගා ගන්නා තෙක් තාවකාලික  කූඩාරම් හා තාවකාලික සෙවිළි තහඩු ලබාදීම.
  7. ආපාදා අවදානම් සහිත මුල් ඉඩම්වල තවදුරටත් පදිංච් නොකරනු ලබන පවුල් සඳහා  රජයේ පොදු ඉඩමක හෝ හදුනා ගත් විකල්ප ඉඩමක තාවකාලික වාසස්ථාන ඉදිකර දීම.
  8. අවදානමක් පවත්න ස්ථානවල අනාරක්ෂීත නිවාස ඉදි කිරීමට අවසර නොදීම.

වෙනත්

  1. ආපදා තත්වය පදනම් කරගෙන මිය යන පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු සදහා රු15000/=(අවසන් කටයුතු සිදුකිරීමට පෙර) පවුලේ ළඟම ඥාතියාට ලබාදීම.
  2. මුළුතැන් ගෙයි උපකරණ සඳහා  රු 1500/= සහනාධාර ලබා දීම.( මුළු තැන් ගෙය හානියට පත්වී එම උපකරණ අහිමි වූවන්ට පමණි)

ආපදා අවස්ථාවල ප්‍රතිපාදන ලබා ගැනීම, සහනාධාර ලබාදීම හා සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය.

ආපදාවක් සිදු වූ වහාම එහි ස්වභාවය සලකා සහන සැලසීම ආරම්භ කිරීම සඳහා රු. 100,000/= ට උපරිමයට යටත්ව ප්‍රතිපාදනයක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සලසා දෙනු ලැබේ. ජා.ආ.ස.සේ.මා .1 ( 2011 ආකෘතියට අනුව)

පිසූ ආහාර සැපයීම සම්බන්ධයෙන් ජාතික අයවැය චක්‍රලේඛ අංක.152 හි  3.1 වගන්තිය අනුව කටයුතු කළ යුතු අතර ඒ සඳහා ජාආසසේමා 02- 2011 ආකෘතිය භාවිතා කළ යුතුය. එම ලේඛනය ග්‍රාම නිලධාරී විසින් නිසි පරිදි නඩත්තු කළ යුතු අතර එහි පිටපතක් ප්‍රාදේශීය ලේකම් වෙත යැවිය යුතුය.

වියළී සලාක ලබා දීම සම්බන්ධයෙන් ජාතික අයවැය චක්‍රලේඛ අංක 152 හි 3 .2 වගන්තිය අනුව කටයුතු කළ යුතු අතර ඒ සඳහා ජා.ආ.ස.සේ.මා .3 2011 ආකෘතිය භාවිතා කළ යුතුය. එම ආකෘතිය පිටපත් තුනකින් සම්පූර්ණ කළ යුතු අතර පිටපතක් ප්‍රාදේශීය ලේකම් වෙත යැවිය යුතුය.

පහත දැක්වෙන ඉලක්කයන්ට ළඟා වීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මුඛ්‍ය කාර්යභාරය වේ.

1

නිසි ආපදා කළමනාකරණ තීරණ පහසු කරවනු පිණිස යෝග්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් උපද්‍රව හා අවදානම් පිළිබඳ තොරතුරු ලබා දීම.

 2

අනාගතයේදී ඇතිවීමට ඉඩකඩ ඇති පීඩාවන් අවම කිරීම සඳහා ක්‍රමෝපායයන් සැලසුම් කොට ක්‍රියාවට නැංවීම.

 3

නිවැරදි පූර්ව අනාවැකි තොරතුරු රැස් කිරීම හා ඒවා කාර්යක්ෂම ලෙස බෙදා හැරීම.

 4

ආපදාවන්ට ඉක්මනින් හා සාර්ථක ලෙස මුහුණදීම සඳහා අවශ්‍ය ධාරිතා ගොඩනැගීම.

 5

ක්ෂණික හා කාර්යක්ෂම හදිසි අවස්ථා මෙහෙයුම් කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම.

 6

පශ්චාත් ආපදා ක්‍රියාකාරකම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම හා

 7

ආපදාවන්ට මුහුණ දීමට හා ඉන් අනතුරුව නැවත ගොඩනැගීමට ජනතාව තුළ ඇති ශක්තිය වර්ධනය කිරීම සඳහා ප්‍රජා දැනුවත්කිරීම් කටයුතු සිදු කිරීම.

සම්බන්ධ කරගත හැකි ස්ථානය ලිපිනය දුරකථන අංකය
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 352
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 258
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07

+94 112 136 136

+94 112 670 070

+94 112 136 100

දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරි

( අනුජ විධානගම මයා)

 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -මාතර  +94 071 8245180

 ආපදා සහන සේවා නිලධාරි

( J.H ලක්මින්ද මයා)

 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - දෙවිනුවර  +94 071 1998820

FaLang translation system by Faboba