
ගිඡිඳු වළප........
උතුම් පෙළහර කරඬුව
බැති සිතින් වැඩම වූ
තේජසින් විරාජමාන
සද්දන්ත පරපුරේ
දෙවිනුවර මහ දේවාළේ
කළණ ඇත් රජිඳු මම
තරුණ කෙළිලොල් වියේ
තිබු මගේ දඟයට
නෑ නොවෙද සමා මට
දෙවොල් මහ මිදුලේ
කොහොඔ තුරු සෙවන යට
යදම් බැඳ තනි කලේ
කකුළෙ බැඳි රන් වළලු
වටිනාකම වැඩි නිසා
කකුළටම හිරකරන්
ගන්න බෑ කාටවත්
මගේ පරපුරේ උන්
රඟන රැඟුමන් දැක
නෙතින් කඳුළක් වැටුනේ
හදවතම හිර කරන්
මල්ලි ගැන ආදරෙන්
ගෙයක් හදනවලු දැන්
මටත් ආසයි ඉතින්
ඇවිත් යන්නට වරක්
උපුල්වන් දෙවිඳුනේ
මියැදෙන්න පෙරාතුව
යළිත් එක් වතාවක්
අවසරයි...............
වැඩමවන්නට උතුම් කරඬුව
සුදීපා පතිරණ
සමෘද්ධි කළමණාකරු





