මුද්‍රණය

දෙව්පුර තතු

දෙවිනුවර කොට්ඨාසය තුළ සැතපුම් තුනහමාරක් පමණ දුර විහිදෙන අලංකාර මුහුදු තීරයක් ඇති අතර එහි බොකු,කළපු,තුඩු වැනි වෙරළබඩ භූ ලක්ෂණ වලින් හෙබි මුහුදු තීරයේ දක්නට ඇත.අඩි සියයක පමණ උසින් යුතු ලංකාවේ උසම ප්‍රදීපස්ථම්බය පිහිටියේද දෙවිනුවරමය.බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවන දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයද වාර්ෂිකව එහි පවත්වනු ලබන දර්ශණීය ඇසළ පෙරහැරද දෙස් විදෙස් ජනතාව දෙවිනුවරට ළගා කරවීමට හේතු වී ඇත.ලංකාවේ උසම හිටි පිළිමයද දෙවිනුවර පූජා භූමිය තුළ පිහිටීම දෙවිනුවරට සංචාරකයින් ළගාවීමට හේතු සාධක වේ.
අතීතයේ  ඉබන් බතූතා වැනි සංචාරකයින්ද දෙවිනුවරට ලගාවී ඇති බව ජනප්‍රවාදයේ සදහන් වේ. එසේම දර්ශණීයත්වය සලකන විට මුළු ලෝකයේම හිරු උදාව සහ බැසීම ඉතාමත් සුන්දර ලෙස නැරඹිය හැකි ස්ථාන දෙකෙන් එකක් වනුයේ දෙවිනුවර තුඩුව ආසන්න වෙරළ තීරයයි.මෙම නිසා සංචාරක කර්මාන්තය නගාසිටුවිය හැකි පසුබිමක් දෙවිනුවර කොට්ඨාසය තුළ ඇත.නමුත් සංචාරක හෝටල් දෙක තුනකට සීමා වී තිබීම හෝ සංචාරක නිකේතනයක් මෙම කොට්ඨාසයේ නොතිබීම විශාල අඩුපාඩුවකි.

සංචාරක ආකර්ෂණය පවතින ස්ථාන

ග්‍රාම නිලධාරී වසම

ස්ථානය

දෙවිනුවර වෙලේගොඩ

පුරාණවැල්ල ධීවර වරාය

ප්‍රදීපාගාර පෙදෙස

§      කිරළවැල්ල ධීවර තොටුපල

§      හුම්මාන වෙරළ තීරයේ ඇති කොරල්පරය

වල්බුළුගහහේන

තඹගල දොළ

තලල්ල

තලල්ල වෙරළ තීරය

නාඔටුන්න දකුණ

§      නාඔටුන්න දකුණ වෙරළ තීරය

§      සීතගල්ල කඳු මුදුන

තලල්ල දකුණ

තලල්ල දකුණ වෙරළ තීරය

කඩවැද්දුව නැගෙනහිර

ඉදුරවත්ත රක්ෂිතය හා පීල්ල ආර

කපුගම මධ්‍යම

බිබුල ජල උල්පත

දෙවිනුවර දකුණ

§      ප්‍රදීපාගාරය

§      ඓතිහාසික වටිනාකමක් ඇති ගල්පරයක් ඇත

ගන්දර බබටහිර

නූන්නවැල්ල වෙරළ තීරය

දෙවිනුවර

දෙවිනුවර ශ්‍රී උත්පල වණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලය

දෙවිනුවර අවට ඇති සිත්ගත් ස්ථාන

ශ්‍රී ලංකාව තුල ඇති ප්‍රදීපාගාර අතරින් උසම හා ගොඩබිම මත පිහිටි එකම ප්‍රදීපාගාරය දෙවිනුවර ප්‍රදීපාගාරයයි. දෙවිනුවර නරගරය පසුකර යන දේශිය හා විදේශීය සංචාරකයින් මෙම ප්‍රදීපාගාරය හා ඒ අවට සිරි නැරඹීමට අමතක නොකරති. දෙවිනුවර ප්‍රදීපාගාරය අවට පිහිටි මුහුදු තීරය මනරම් මසුන්ගෙන් ගහන අතර මෙහි පැමිණෙන්නන් මුහුදේ ස්නානය සඳහා බොහෝ සේ ඇළුම් කරති. 

පෞරාණික ස්ථාන

පෞරාණික ස්ථානය පෞරාණික වැදගත්කම

පරම විචිත්‍රාරාම රජමහා විහාරය

දෙවිනුවර මහ පන්සල නමින් ප්‍රකට මෙම විහාරස්ථානය දාපුළුසෙන් රජ දවස ඉදිකර ඇත. භූමි මහා විහාරය, කිහිරැළි වෙහෙර, සඳමිණි වෙහෙර යන නම්වලින් ද අතීතයේ දී හැදින්විය. අඩි 63 ක් පමණ උස මහා බුද්ධ ප්‍රතිමාව විහාරස්ථානයේ ශ්‍රී විභූතිය තීව්‍ර කර පෙන්වයි.

දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය

ශ්‍රී විෂ්ණු දෙවියන් සඳහා ඉදිවී ඇති ලංකාවේ එකම දේවාලයයි. වර්ෂ 664දී පමණ ඉදිකර ඇත. (පසුව දාපුළුසෙන් රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදි)දෙවිනුවර පාලනය කල ප්‍රාදේශීය පාලකයකු වන දාපුළුසෙන් රජු විසින් මෙම දේවාලය සාදා ඇති බව ජනප්‍රවාදයේ පවතී. අතීතයේ මෙම දේවාලය (ගල්කණු උපයෝගී කරගෙන ) මහල් දෙකකට දැනට තිබෙන ප්‍රමාණයට වඩා විශාලව පැවතිණි.

පරසතුරු ආක්‍රමණ නිසා පෙර තිබූ දේවාලයේ ගල්කණු පමණක් වර්තමානයේ දැකිය හැකිය.මෙහි තිබූ කිහිරි ලීයෙන් තනන ලද විශ්ණු දේව රූපය 19 වන සියවස මැද භාගයේදී පරසතුරු ආක්‍රමණ නිසා දඹුල්ල රජ මහා විහාරයට ගෙනගොස් ඇත. දැනට මෙම දේවාල භූමියේ දෙවිනුවර රජමහා විහාරයද පිහිටා ඇති අතර මෙහි ඇති කෞතුක වටිනාකම පිළිබඳ මෙතෙක් සොයාබලා නැත.

දෙවිනුවර ප්‍රදීපාගාරය

ආසියාවේ උසම ප්‍රදීපාගාරය වන මෙය 1889 දී වික්ටෝරියා මහ රැජිණගේ උපන්දිනය දා විවෘත කර ඇත. උස අඩි 160 කින් සහ මුල වට ප්‍රමාණය අඩි 170 කින් යුතු අටපට්ටම් හැඩයෙන් යුක්ත මෙය ක්‍රමයෙන් ඉහළට යන විට වට ප්‍රමාණය අඩුවේ. කපා ඔප දමන ලද කළු ගලින් එය නිමවා ඇත. තට්ටු නමයකින් සහ පඩි 222 කින් යුතු මෙහි ආලෝක කදම්භය සැතපුම් 25ක පමණ දුරට විහිදේ.

ගල්ගෙය

දෙවිනුවර නගරයේ ගල්ගණේ පාරේ මද දුරක් ගිය විට ගලින් කරන ලද ගල්ගෙයක් හමුවේ. මෙය කපන ලද කළු ගලින් නිමවන ලද කාමර දෙකකින් යුත් මනරම් භූමියක පිහිටි ගෘහයකි.

ගල් ළිද

ගල්ගෙය ආසන්නයේම පිහිටි මෙය දෙවිනුවර පිහිටි විශේෂිත ස්ථානයකි. රජතුමා සහ පිරිවර දිය නෑමට පැමිණියේ මෙම ස්ථානයට යයි මතයක් පවතී.

සිංහාසන කෝවිල

දෙවිනුවර සිංහාසන පාරේ කෙළවරට වන්නට සමුද්‍රාසන්නව පවතින කුඩා දේවාලයකි. දාපුළුසෙන් රජ දවස දක්වා දිව යන මෙම ස්ථානය කතරගම දෙවියන් වැඩ සිටි බිමක් බව ජනප්‍රවාදයේ එන මතයකි.

තුන්බෝධි විහාරය

යටියන කඩවැද්දුව ප්‍රදේශයේ පිහිටි මෙම විහාරස්ථානය සුන්දර වූ පරිසරයක පිහිටා ඇත. පැරණි පිරිත් මණ්ඩප්පයක් සමග ඇති ඉපැරණි විහාරයකි.

කහ පොකුණ

දෙවිනුවර ඇසළ පූජා සමයේ බැතිමතුන් පඩුරු ආදිය සේදීමට ජලය ගන්නේ මෙම පොකුණෙන් බව ජනප්‍රවාදයේ එන මතයකි.

වන වාසල මහා විහාරය

දේවානම්පියතිස්ස රජු දවස ශ්‍රී මහා බෝධිය සමග වැඩම වූ අෂ්ඨඵල බෝධීන් වහන්සේ නමක් මෙම ස්ථානයේ වැඩ වසන බවට මතයක් පවතී.

මහ වලව්ව

පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙය මැද මිදුල් තුනක වලව්වකි.

103 සැතපුම් කණුව

ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුව ලෙස මෙය සැලකේ.

පිංවත්ත සේපාලිකාරාමය

පැරණි බෝ කොටුවක් සහිත අනුහස් ඇති බෝධියක් මෙම ස්ථානයේ පිහිටා ඇත. සඳ ගලක් ඇති අතර එහි අක්ෂර කොටා ඇත. උඩ අපරැක්ක ප්‍රදේශයේ  මෙය පිහිටා ඇත. 

කෞතුක වස්තු පිළිබඳ වාර්තා

ස්ථානය කෞතුක වස්තු වල නම් පෞරාණිකත්වය

ගල්ගණේ පුරාණ විහාරය

ගල්වලින් පමණක් ඉදිකරන ලද නිවෙසක්

රාවණා රජ සමයේ ඉදිකරන ලද්දකි.

දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය

දේවාලයේ ඇති ගල් දොරටු හා ගල්කණු

වසර දහසකටත් වඩා පැරණිය

සිරි නිකේතාරාම විහාරය

උම්මග්ග ජාතකය පිළිබිඹු වන ආකාරයේ බිතු සිතුවම්

වර්ෂ 1814 දී ඇද ඇත.

ලංකා රජමහා විහාරය

මහනුවර යුගයේ බිතිසිතුවම්

පැරණි මකර තොරණ දෙක

දාපුළුසෙන් රජතුමා විසින් ඉදිකරන ලද්දකි.

මහ වලව්ව -ගන්දර

වර්ෂ 1875 සදහන් ගලක කොටන ලද ලිපිය හා සොහොන් කොත

මැද මිදුල් තුනකින් යුත් වලව්ව සහ අධිකරණ ශාලාව

පෘතුගීසි කාලයේ ඉදිකරන ලද්දකි.

ශ්‍රී සේපාලිකාරාමය උඩ අපරැක්ක

පැරණි බෝධිය සහ සෙල් ලිපි කැබැල්ල, අඩ සඳ හා ඉර කොටන ලද ගල් කුළුණු හා සෙල් ලිපිය

අසබ මෙවන් රජ විසින් ලියන ලද්දකි.

පවරසිරි නිවේසාරාමය

බුරුම රටින් ගෙන්වන ලද පාත්තර

ලී වලින් තනා ඇති කෝප්ප

සඳුන් ලීයෙන් තනා ඇති බුදු පිළිම

අඟල් අටක උසැති අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුවට සමාන පිත්තල බුද්ධ ප්‍රතිමාව

ඉත්තකූරු, කළුවර ලී, හා ඇත්දළ උපයෝගී කරගෙන සාදා ඇති මුදල් පසුම්බිය

පෞරාණිකත්වය ගණනය කර නොමැත.

දෙවිනුවර හා ආශ්‍රිත ස්ථාන පිළිබඳ ලිපිය

දෙවිනුවර පුර වරුණ 1 කොටස

දෙවිනුවර පුර වරුණ 2 කොටස

 

 

 

 

 

 

 

 

 

 

FaLang translation system by Faboba