අපගේ දැක්ම

ශක්තිමත් ප්‍රාදේශීය පරිපාලනයක් තුලින් විශිෂ්ඨ ජනතා සේවයක්

අපගේ මෙහෙවර

ප්‍රදේශයේ සියළු පාර්ශවයන්ගේ ජීවන තත්වය ඉහල මට්ටමක පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අණුකූල වූ ළුලදායී තිරසාර සංවර්ධන සැලැස්මකට අනුව ප්‍රදේශයේ මානව හා භෞතික සම්පත් කළමනාකරණය තුලින් සියළු දෙනාටම තෘප්තිමත් විය හැකි ඵලදායී සේවාවක් අඛණ්ඩව සැපයීම

ආයතනයේ විකාශනය

දෙවිනුවර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය දෙවිනුවර - තල්පාවිල මාර්ගයේ දෙවිනුවර - තංගල්ල ප්‍රධාන පාරේ ඉන්ධන පිරවුම්හල අසල සිට මීටර් 200ක් ඉදිරියෙන් පිහිටා ඇත.

දෙවිනුවර ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශයට වර්ග කි.මී. 39.2 ක භූමි භාගයක් අයත් වන අතර පිළිවෙලින් එය නැගෙනහිරින් දික්වැල්ල ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශයෙන් ද, බටහිරින් මාතර සහ තිහගොඩ ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශ වලින් ද, උතුරින් කඹුරුපිටිය ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශයෙන් ද, සහ දකුණු කොටස මුළුමනින්ම වෙරළ තීරයෙන් ද, මායිම් වී ඇත.

දැක්ම සහ මෙහෙවර වනුයේ මුළුමනින්ම සේවා සැපයීමකි. ග්‍රාමීය ප්‍රජාවට උපතේ සිට මරණය දක්වා වූ සියළු සේවාවන් සැපයීම කාර්යක්ෂම කරලීමට සහාය වීම මෙම කාර්යාලයේ කාර්යභාරයයි.

අතීතයේ දී දෙවිනුවර ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශය අයත් වී ඇත්තේ වැල්ලබඩ පත්තුව හා කඩවත් සතර ලෙස හැඳින්වුනු මාතර ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාශයටයි.

1980 දශකයේ මුල් භාගයේ දී ටික කලක් මෙය මාතර උප දිසාපති කාර්යායේ උප කාර්යාලයක් වශයෙන් තිබී පසුව 1981 වර්ෂයේ දී මාතර හා දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කොටස් ඒකාබද්ධ කිරීමෙන් දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇති කරන ලදී. 1992 වර්ෂයේ දී මෙය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් බවට පත් කරමින් පරිපාලනය ගමට වඩාත් සමීප කරන ලදී.

දැනට ග්‍රාම නිලධාරී වසම් 41 කින් මෙම ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශය සමන්චිතයි.

1981 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
පි.ඒ. ජයවර්ධන මයා (සහකාර ආණ්ඩුවේ ඒජන්ත) 1983 1984
C.A. ගජනායක මයා 1984 2005
E.A.C. විදානගමාච්චි මිය (වැ.බ.) 2005 2006
E.A.C. විදානගමාච්චි මිය 2006 2009
ඉරේෂා ලියනගම මිය 2009 2011
බී. රණවීර මයා (වැ.බ.) 2011 2011
Y. වික්‍රමසිරි මයා 2011 2014
රංජිත් යාපා මයා (වැ.බ.) 2014 2014
ඩී.ඩී.කේ. වික්‍රමාරච්චි මයා 2014 2017
රංජිත් යාපා මයා 2017 2020
කේ.පී.ජී. සුමිත් ශාන්ත මයා (වැ.බ.) 2020 2021
ඩී.පී. ලියනපටබැඳි මිය

2021

2024
ඩබ්.පී. ශානිකා අයි පෙරේරා මිය 2024 මේ දක්වා

News & Events

Scroll To Top