ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
විශ්‍රාම වැටුප් ගෙවීම්
- විස්තර
2022 වර්යේ විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන්
| මාසය | දිනය |
| ජනවාරි | 07 සිකුරාදා |
| පෙබරවාරි | 10 බ්‍රහස්පතින්දා |
| මාර්තු | 10 බ්‍රහස්පතින්දා |
| අප්‍රේල් | 08 සිකුරාදා |
| මැයි | 10 අඟහරුවාදා |
| ජුනි | 10 සිකුරාදා |
| ජුලි | 08 සිකුරාදා |
| අගෝස්තු | 10 බදාදා |
| සැප්තැම්බර් | 09 සිකුරාදා |
| ඔක්තෝම්බර් | 06 බ්‍රහස්පතින්දා |
| නොවැම්බර් | 10 බ්‍රහස්පතින්දා |
| දෙසැම්බර් | 09 සිකුරාදා |
නිතර අසන පැණ
- විස්තර
ආයතන අංශය
සමාජ සේවා අංශය
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
විශ්‍රාම වැටුප් අංශය
වාහන ආදායම් බලපත්‍ර අංශය
දෙව්පුර වරුණ
- විස්තර
|
ග්‍රාම නිලධාරී වසම |
ස්ථානය |
|
දෙවිනුවර වෙලේගොඩ |
පුරාණවැල්ල ධීවර වරාය |
|
ප්‍රදීපාගාර පෙදෙස |
§ කිරළවැල්ල ධීවර තොටුපල § හුම්මාන වෙරළ තීරයේ ඇති කොරල්පරය |
|
වල්බුළුගහහේන |
තඹගල දොළ |
|
තලල්ල |
තලල්ල වෙරළ තීරය |
|
නාඔටුන්න දකුණ |
§ නාඔටුන්න දකුණ වෙරළ තීරය § සීතගල්ල කඳු මුදුන |
|
තලල්ල දකුණ |
තලල්ල දකුණ වෙරළ තීරය |
|
කඩවැද්දුව නැගෙනහිර |
ඉදුරවත්ත රක්ෂිතය හා පීල්ල ආර |
|
කපුගම මධ්‍යම |
බිබුල ජල උල්පත |
|
දෙවිනුවර දකුණ |
§ ප්‍රදීපාගාරය § ඓතිහාසික වටිනාකමක් ඇති ගල්පරයක් ඇත |
|
ගන්දර බබටහිර |
නූන්නවැල්ල වෙරළ තීරය |
|
දෙවිනුවර |
දෙවිනුවර ශ්‍රී උත්පල වණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලය |

| පෞරාණික ස්ථානය | පෞරාණික වැදගත්කම |
|
පරම විචිත්‍රාරාම රජමහා විහාරය |
දෙවිනුවර මහ පන්සල නමින් ප්‍රකට මෙම විහාරස්ථානය දාපුළුසෙන් රජ දවස ඉදිකර ඇත. භූමි මහා විහාරය, කිහිරැළි වෙහෙර, සඳමිණි වෙහෙර යන නම්වලින් ද අතීතයේ දී හැදින්විය. අඩි 63 ක් පමණ උස මහා බුද්ධ ප්‍රතිමාව විහාරස්ථානයේ ශ්‍රී විභූතිය තීව්‍ර කර පෙන්වයි. |
|
දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය |
ශ්‍රී විෂ්ණු දෙවියන් සඳහා ඉදිවී ඇති ලංකාවේ එකම දේවාලයයි. වර්ෂ 664දී පමණ ඉදිකර ඇත. (පසුව දාපුළුසෙන් රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදි)දෙවිනුවර පාලනය කල ප්‍රාදේශීය පාලකයකු වන දාපුළුසෙන් රජු විසින් මෙම දේවාලය සාදා ඇති බව ජනප්‍රවාදයේ පවතී. අතීතයේ මෙම දේවාලය (ගල්කණු උපයෝගී කරගෙන ) මහල් දෙකකට දැනට තිබෙන ප්‍රමාණයට වඩා විශාලව පැවතිණි. පරසතුරු ආක්‍රමණ නිසා පෙර තිබූ දේවාලයේ ගල්කණු පමණක් වර්තමානයේ දැකිය හැකිය.මෙහි තිබූ කිහිරි ලීයෙන් තනන ලද විශ්ණු දේව රූපය 19 වන සියවස මැද භාගයේදී පරසතුරු ආක්‍රමණ නිසා දඹුල්ල රජ මහා විහාරයට ගෙනගොස් ඇත. දැනට මෙම දේවාල භූමියේ දෙවිනුවර රජමහා විහාරයද පිහිටා ඇති අතර මෙහි ඇති කෞතුක වටිනාකම පිළිබඳ මෙතෙක් සොයාබලා නැත. |
|
දෙවිනුවර ප්‍රදීපාගාරය |
ආසියාවේ උසම ප්‍රදීපාගාරය වන මෙය 1889 දී වික්ටෝරියා මහ රැජිණගේ උපන්දිනය දා විවෘත කර ඇත. උස අඩි 160 කින් සහ මුල වට ප්‍රමාණය අඩි 170 කින් යුතු අටපට්ටම් හැඩයෙන් යුක්ත මෙය ක්‍රමයෙන් ඉහළට යන විට වට ප්‍රමාණය අඩුවේ. කපා ඔප දමන ලද කළු ගලින් එය නිමවා ඇත. තට්ටු නමයකින් සහ පඩි 222 කින් යුතු මෙහි ආලෝක කදම්භය සැතපුම් 25ක පමණ දුරට විහිදේ. |
|
ගල්ගෙය |
දෙවිනුවර නගරයේ ගල්ගණේ පාරේ මද දුරක් ගිය විට ගලින් කරන ලද ගල්ගෙයක් හමුවේ. මෙය කපන ලද කළු ගලින් නිමවන ලද කාමර දෙකකින් යුත් මනරම් භූමියක පිහිටි ගෘහයකි. |
|
ගල් ළිද |
ගල්ගෙය ආසන්නයේම පිහිටි මෙය දෙවිනුවර පිහිටි විශේෂිත ස්ථානයකි. රජතුමා සහ පිරිවර දිය නෑමට පැමිණියේ මෙම ස්ථානයට යයි මතයක් පවතී. |
|
සිංහාසන කෝවිල |
දෙවිනුවර සිංහාසන පාරේ කෙළවරට වන්නට සමුද්‍රාසන්නව පවතින කුඩා දේවාලයකි. දාපුළුසෙන් රජ දවස දක්වා දිව යන මෙම ස්ථානය කතරගම දෙවියන් වැඩ සිටි බිමක් බව ජනප්‍රවාදයේ එන මතයකි. |
|
තුන්බෝධි විහාරය |
යටියන කඩවැද්දුව ප්‍රදේශයේ පිහිටි මෙම විහාරස්ථානය සුන්දර වූ පරිසරයක පිහිටා ඇත. පැරණි පිරිත් මණ්ඩප්පයක් සමග ඇති ඉපැරණි විහාරයකි. |
|
කහ පොකුණ |
දෙවිනුවර ඇසළ පූජා සමයේ බැතිමතුන් පඩුරු ආදිය සේදීමට ජලය ගන්නේ මෙම පොකුණෙන් බව ජනප්‍රවාදයේ එන මතයකි. |
|
වන වාසල මහා විහාරය |
දේවානම්පියතිස්ස රජු දවස ශ්‍රී මහා බෝධිය සමග වැඩම වූ අෂ්ඨඵල බෝධීන් වහන්සේ නමක් මෙම ස්ථානයේ වැඩ වසන බවට මතයක් පවතී. |
|
මහ වලව්ව |
පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙය මැද මිදුල් තුනක වලව්වකි. |
|
103 සැතපුම් කණුව |
ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුව ලෙස මෙය සැලකේ. |
|
පිංවත්ත සේපාලිකාරාමය |
පැරණි බෝ කොටුවක් සහිත අනුහස් ඇති බෝධියක් මෙම ස්ථානයේ පිහිටා ඇත. සඳ ගලක් ඇති අතර එහි අක්ෂර කොටා ඇත. උඩ අපරැක්ක ප්‍රදේශයේ මෙය පිහිටා ඇත. |
දෙවිනුවර හා ආශ්‍රිත ස්ථාන පිළිබඳ ලිපිය
Page 2 of 2




















+94 041 22 20113